Posts

🔋⚡ මිනිත්තු 30 න් චාජ් වෙන phone එක!

Image
ලොව පළමු iPhone එක සහ පළමු Android phone එක හඳුන්වා දී දැනට වසර 10 කට මඳක් වැඩි කාලයක් ගත වී තිබේ. එම ගත වූ වසර 10 තුළ දුරකථන සීඝ්‍ර ලෙස දියුණු වී ඇත. 2007 වසරේ හඳුන්වා දුන් පළමු iPhone එක සහ 2018 වසරේ හඳුන්වා දුන් iPhone Xs හෝ iPhone Xs Max සසඳා බැලූ විට වසර 10 ක් තුළ දුරකථනය විශ්වාස කිරීමට පවා අපහසු තරමින් දියුණු වී ඇත. Android දුරකථන වල තත්වය ද එසේමය.

දුරකථන වල වේගය (processing power), මතක ධාරිතාවය (RAM and storage capacity), ආරක්ෂාව (security), දුරකථන තිරය (display), ජලයට සහ දුහුවිලි වලට ප්‍රතිරෝධී බව (dust and water resistance), දුරකථන වල නිෂ්පාදන ගුණාත්මක බව (build quality), දුරකථන කැමරාව (camera), සහ මෘදුකාංග (software) යන සෑම අංශයක්ම පසුගිය දස වසර තුළ විශාල දියුණුවක් ලබා ඇත. නමුත් මීට සාපේක්ෂව දුරකථන බැටරියේ සැලකිය යුතු තරම් දියුණුවක් සිදු වී නොමැත. පළමු iPhone එකේ සහ පළමු Android දුරකථනයේ තිබූ බැටරි තාක්ෂණය අදටත් එසේම භාවිතා වේ.

සාමාන්‍යයෙන් smartphone එකක් සම්පූර්ණයෙන් චාජ් වීම සඳහා පැය එකහමාරකට වැඩි කාලයක් ගත වේ. (බැටරියේ ධාරිතාවය (capacity) අනුව ගත වන කාලය වෙනස් විය හැකි…

Android 9 Pie 🥧 ගැන හැමදේම!

Image
Google සමාගම විසින් 2007 දී Android මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමත් සමග එය ලොව පුරා ඉතා ජනප්‍රිය වුණා. මේ වන විට එය ලොව වැඩිපුරම භාවිතා වන මෙහෙයුම් පද්ධතියයි. 2017 වන විට ලොව පුරා ජංගම දුරකථන, ටැබ්ලට් පරිගණක, රූපවාහිනී, මෝටර් රථ, ස්මාට් වොච්, ගේම් කොන්සෝල්ස්, කැමරා සහ පරිගණක වැනි උපාංග බිලියන 2 කට වඩා වැඩි ප්‍රමාණයක Android මෙහෙයුම් පද්ධතිය භාවිතා වනවා. පරිගණක මෙහෙයුම් පද්ධතියක් වන Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා වන්නේ උපාංග බිලියන 1.3 ක පමණයි.

Android මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය වන Android 9 Pie පසුගිය අගෝස්තු මාසයේ එලිදැක්වුණා. Android 8 Oreo වල නොතිබූ නව පහසුකම් රැසක් සමගින් එන Android 9 Pie හි කැපී පෙනෙන වෙනසක් වන්නේ එය artificial intelligence මගින් බලගන්වා තිබීමයි. මේ නිසා ඔබ Android 9 Pie මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන විට එය ඔබේ අවශ්‍යතා හඳුනාගෙන, ඔබට අවශ්‍ය අවස්ථාවන් වලදී ප්‍රයෝජනවත් තොරතුරු ලබා දීමටත්, ඔබගේ පුරුදු වලට අනුව දුරකථනයට හැඩ ගැසීමටත් (adapt) හැකියාව ලැබෙනවා. මීට අමතරව, දුරකථනය භාවිතා කරන්නාගේ සෞඛ්‍ය මට්ටම යහපත්ව පවත්වාගැනීමට උදව් වන පහසුකම් රැසක් ද Android 9 Pie…

ජංගම දුරකථන බැටරියේ ආයු කාලය වැඩි කර ගනිමු 📱

Image
Smartphone එකක් භාවිතා කිරීමේදී අප බොහෝ දෙනෙක් අඩුවෙන්ම අවධානය යොමු කරන දෙයක් තමයි එහි බැටරිය. ජංගම දුරකථන භාවිතා කරන බොහෝ දෙනෙක් එහි බැටරිය නිසි ලෙස නඩත්තු කරන ආකාරය පිලිබඳව නොදැනුවත්ව සිටීම මෙයට හේතුවයි. සාමාන්‍යයෙන් අප පුරුදු වී සිටින්නේ ජංගම දුරකථනයේ බැටරිය බැස යාමට ආසන්න වූ විට හෝ සම්පූර්ණයෙන්ම බැස ගිය විට එය චාජ් කිරීමටයි. නමුත් ජංගම දුරකථනයේ බැටරිය සහ එය නිවැරදිව චාජ් කරන ආකාරය පිලිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීමෙන් ජංගම දුරකථන බැටරිය චාජ් කිරීමේදී අප අතින් සිදු වන වැරදි අවම කර ගැනීමටත්, බැටරියේ ආයු කාලය වැඩි කර ගැනීමටත් පහසුවෙන්ම හැකියාව ලැබෙනවා.
වර්තමානය වන විට smartphones වල බැටරිය "non-removable", එනම් දුරකථනය භාවිතා කරන පුද්ගලයාට ගැලවීමට නොහැකි ලෙස දුරකථනය තුළටම සවි කර තිබෙනවා. මේ නිසා නවීන smartphone එකක බැටරිය ඉවත් කර අලුත් බැටරියක් යෙදීමට අධික වියදමක් දැරීමට සිදු වෙනවා. බොහෝ විට බැටරියක් අලුතෙන් යෙදීමට වඩා නව දුරකථනයක් මිලදී ගැනීම වාසිදායක වන අවස්ථා තිබේ. එම නිසා දුරකථනයක බැටරිය නිසි ලෙස නඩත්තු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව ඇත. මෙසේ බැටරිය දුරකථනයෙන් ඉවත් කිර…

Google Dino 🦖

Image
අන්තර්ජාලයට සම්බන්ධව ‌න‌ොමැති අවස්ථාවක ඔබ Google Chrome ‌ව‌ෙබ් බ්‍රවුසරය‌ෙන් යම් ව‌ෙබ් අඩවියකට පිවිසීමට උත්සහ කර තිබේද? එස‌ේනම් ඔබ Google Chrome හි සැඟවුන Dino ග‌ේම් එක play කර ඇත. Dino ට වසර 4 ක් සපිරීම නිමිත්ත‌ෙන් Google ආයතනය පසුගිය මාසය‌ේ Dino ග‌ේම් එක update කර තිබේ. එසේම Dino ග‌ේ උපන් දිනය නිමිත්‌ත‌ෙන් ග‌ේම් එක නිර්මාණය කළ මෘදුකාංග ඉංජින‌ේරු කණ්ඩායම සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවක් Google blog අඩවිය‌ෙහි පළ කර ඇත.
Dino ග‌ේම් ඒක play කිරීම ඉතා සරල ය. ම‌ෙය "Infinite runner" වර්ගය‌ේ ග‌ේම් එකකි. Dino න‌ොනැවතී ඉදිරියට ගමන් කරන අතර හමු වන බාධක මතින් පැන යාම හ‌ෝ බාධක යටින් ගමන් කිරීම සඳහා යතුරු පුවරු‌වේ space key සහ down arrow key භාවිතා කළ යුතුය.

Google Chrome හි මෘදුකාංග ඉංජින‌ේරු Edward Jung පවසන ආකාරයට 2014 සැප්තැම්බරය‌ේ Dino ග‌ේම් එක හඳුන්වා දීමත් සමග එය ල‌ොව පුරා බ‌ොහ‌ෝ ජනප්‍රිය වූ අතර ‌මේ වන විට සෑම මාසයකම මිලියන 270 වාරයක් Dino ‌ගේම් එක play කරනු ලබයි. Edward පවසන ආකාරයට ‌ග‌ේම් එක ජයග්‍රහණය කිරීමට එය වසර මිලියන 17 ක් එක දිගට play කළ යුතුය. එය ඩයින‌ෝසරයන් මිහිපිට ජීවත් වූ…

Windows 10 auto update නතර කරමු

Image
Windows 10 මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ වී පවතින විට ස්වයංක්‍රීයව Windows updates download වීම සහ install වීම සිදු ‌වේ. ‌බ‌ොහ‌ෝ විට ම‌ෙය පරිගණකය භාවිතා කරන පුද්ගලයා න‌ොදැනුවත්වම සිදු වන ක්‍රියාවලියකි. පරිගණකය‌ේ ආරක්ෂාවට සහ කාර්යක්ෂම බව පවත්වාගැනීමට Windows updates අත්‍යවශ්‍ය වුවත්, වැදගත් කටයුත්තක් සඳහා පරිගණකය භාවිතා කරමින් සිටින අවස්ථා වලදී Windows update වීම පරිගණකය භාවිතා කරන පුද්ගලයාට මහත් කරදරකාරී ක්‍රියාවක් බවට පත් වීමට ඉඩ ඇත. Windows updates පරිගණකයට ඉන්ස්ටෝල් වීමෙන් පසුව පරිගණකය shut down කළ විට එය shut down ‌න‌ොවී පැය ගණනාවක් Windows updates install ‌ව‌ෙමින් පවතින අවස්ථා තිබේ. ‌ම‌ෙ‌ස‌ේ Windows updates install ‌ව‌ෙමින් පවතින විට ‌ව‌ෙනත් කාර්යයන් සඳහා පරිගණකය භාවිතා කිරීමට න‌ොහැකිය. එස‌ේම ඔබ න‌ොදැනුවත්වම Windows updates download වීම නිසා ඔබගේ internet data usage එක ඉහළ යාමද සිදු ‌‌වේ. බ‌ොහ‌ෝ විට Windows updates සඳහා GB ගණනාවක files download වීම හ‌ේතුව‌ෙනි.
Windows updates ස්වයංක්‍රීයව download වීම සහ install වීම නතර කිරීම Windows 10 හි settings app එක ත…

ජෙනුයින් වින්ඩෝස් නොමිලේ! | Genuine Windows 10 - Free Download

Image
සාමාන්‍යයෙන් පරිගණකයක් මිලදී ගැනීමේදී එයට Windows 10 හි genuine copy එකක්, එහෙමත් නැත්නම් Microsoft සමාගමෙන් ලබා දෙන original Windows 10 මෙහෙයුම් පද්ධතිය install කර තිබූ අවස්ථාවක හැරෙන්නට අප genuine Windows 10 මෘදුකාංගය මිලදී ගැනීමට මැලි කමක් දක්වනවා. ඊට හේතුව Windows 10 හි අධික මිල යි. මෙම ලිපිය ලියන අවස්ථාවේදී Microsoft නිල වෙබ් අඩවියෙහි දක්වා ඇති ආකාරයට Windows 10 හි විකුණුම් මිල වන්නේ:
Windows 10 Home: $139.00 (රු. 23,365)
Windows 10 Pro: $199.99 (රු. 33,617)
මෙසේ genuine Windows 10 මිලෙන් අධික වීම නිසා torrent වැනි ක්‍රම මගින් නීති විරෝධීව Windows 10 මෘදුකාංගය ලබා ගැනීමට අප පුරුදු වී සිටිමු. නමුත් මෙසේ නීති විරෝධී ක්‍රම මගින් ලබා ගන්නා Windows 10 මෘදුකාංගය සමග virus, malware, spyware වැනි පරිගණකයට හානිකර මෘදුකාංග ද ඇතුලත් කර එවීම බොහෝ විට සිදු වේ. එම නිසා මෙසේ torrent වැනි ක්‍රම මගින් නීති විරෝධීව ලබාගත් Windows 10 මෘදුකාංගය භාවිතා කිරීම අනතුරුදායක කටයුත්තකි.
Microsoft සමාගමේ නිල වෙබ් අඩවියෙන් නීත්‍යානුකූලව Windows 10 හි genuine මෘදුකාංගය ලබාගැනීමට පහසුකම් සලසා දී තිබේ.
නමුත්, ද…