Android 9 Pie 🥧 ගැන හැමදේම!

Google සමාගම විසින් 2007 දී Android මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමත් සමග එය ලොව පුරා ඉතා ජනප්‍රිය වුණා. මේ වන විට එය ලොව වැඩිපුරම භාවිතා වන මෙහෙයුම් පද්ධතියයි. 2017 වන විට ලොව පුරා ජංගම දුරකථන, ටැබ්ලට් පරිගණක, රූපවාහිනී, මෝටර් රථ, ස්මාට් වොච්, ගේම් කොන්සෝල්ස්, කැමරා සහ පරිගණක වැනි උපාංග බිලියන 2 කට වඩා වැඩි ප්‍රමාණයක Android මෙහෙයුම් පද්ධතිය භාවිතා වනවා. පරිගණක මෙහෙයුම් පද්ධතියක් වන Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා වන්නේ උපාංග බිලියන 1.3 ක පමණයි.

Image credit - Emma

Android මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය වන Android 9 Pie පසුගිය අගෝස්තු මාසයේ එලිදැක්වුණා. Android 8 Oreo වල නොතිබූ නව පහසුකම් රැසක් සමගින් එන Android 9 Pie හි කැපී පෙනෙන වෙනසක් වන්නේ එය artificial intelligence මගින් බලගන්වා තිබීමයි. මේ නිසා ඔබ Android 9 Pie මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන විට එය ඔබේ අවශ්‍යතා හඳුනාගෙන, ඔබට අවශ්‍ය අවස්ථාවන් වලදී ප්‍රයෝජනවත් තොරතුරු ලබා දීමටත්, ඔබගේ පුරුදු වලට අනුව දුරකථනයට හැඩ ගැසීමටත් (adapt) හැකියාව ලැබෙනවා. මීට අමතරව, දුරකථනය භාවිතා කරන්නාගේ සෞඛ්‍ය මට්ටම යහපත්ව පවත්වාගැනීමට උදව් වන පහසුකම් රැසක් ද Android 9 Pie සමග හඳුන්වා දී තිබෙනවා. දුරකථනයේ ආරක්ෂාව වැඩි කරන පහසුකම් රැසක් සහ බැටරිය නාස්ති වීම අවම කරන power saving පහසුකම් රැසක් ද Pie හි ඇතුළත් වනවා. මෙම පහසුකම් බොහොමයක් ඉබේ ක්‍රියාත්මක වන අතර ඔබට මේවායෙන් ප්‍රයෝජන ගැනීමට විශේෂ යමක් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

Android 9 Pie
Image credit - NokiaPowerUser

Pie සමග ලැබෙන artificial intelligence පහසුකම්

Android 9 Pie මෙහෙයුම් පද්ධතියට AI තාක්ෂණය හරහා ඔබ දුරකථනය භාවිතා කරන ආකාරය හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා. ඔබ දින කිහිපයක් දුරකථනය භාවිතා කිරීමෙන් පසු දුරකථනය ඔබේ ඕනෑ එපා කම් හඳුනාගෙන ඒ අනුව ක්‍රියා කිරීම සිදු කරයි. ඔබ දුරකථනය භාවිතා කරන කාලය වැඩි වෙත්ම දුරකථනයේ මෙම adaptive හැකියාව වැඩි වෙනවා.

ඒ අනුව Android Pie හි ක්‍රියාත්මක වන AI පහසුකමක් වන්නේ adaptive battery පහසුකමයි. Artificial intelligence තාක්ෂණය මගින් හඳුනාගන්නා තොරතුරු අනුව ඔබ වැඩිපුර භාවිතා නොකරන apps සහ services සඳහා වැය වන අමතර විදුලි බලය Android Pie විසින් අවම කරනවා. ඒ adaptive battery පහසුකමයි.

මේ ආකාරයටම adaptive brightness පහසුකම ද ක්‍රියාත්මක වෙයි. ඔබ දුරකථනයේ brightness ප්‍රමාණය සකස් කිරීමට කැමති ආකාරය හඳුනාගන්නා Android Pie විසින් ටික දිනකින් එය ඔබ වෙනුවෙන් ඉබේම ඉටු කර දෙයි. යම් අවස්ථාවක වැරදි ප්‍රමාණයට brightness සකස් වුවහොත් එය නැවත ඔබ කැමති ප්‍රමාණයට සකස් කළ හැකිය. ඒ අනුව Android Pie විසින් එම වරද හඳුනාගන්නා අතර එය නිවැරදි කරගනු ඇති. එනම් කල් යත්ම මෙම ඉබේ සිදු වන ක්‍රියාකාරකම් වල වැරදීම් අඩු වෙයි.

Android Pie සමග ලැබෙන තවත් AI පහසුකමක් වන්නේ app actions ය. App actions පහසුකම මගින් ඔබ මීලඟට සිදු කිරීමට යන්නේ කුමක්ද යන්න හඳුනාගනු ලබයි. උදාහරණයක් ලෙස ඔබ සතියේ දින 5 ම රැකියාවට යන අයෙකු නම්, ඔබ උදෑසන පිටත්ව යාමට සැරසෙන විට ඔබ යන මාර්ගයේ ඇති මාර්ග තදබදය (traffic condition) පිලිබඳව තොරතුරු ඉදිරිපත් කරයි. ඔබ දුරකථනයට earphones සම්බන්ධ කළ විට කලින් අසමින් සිටි music playlist එක ඔබට ඉදිරිපත් කරයි. මේ app actions පහසුකම ය.

Android 9 Pie හි තවත් පහසුකමක් වන්නේ slices ය. Slices මගින් ඔබගේ apps තුළ ඇති පහසුකම්, app එක විවෘත කිරීමෙන් තොරව භාවිතා කිරීමට හැකියාව ලබා දෙයි. මේ සඳහා Google search bar එක තුළ හෝ Google Now තුළින් search කිරීම සිදු කළ යුතුය. උදාහරණයක් ලෙස ඔබ Uber සඳහා search කළ විට මිල ගණන් සහ වාහනය පැමිණීමට ගත විය හැකි කාලය search තුළින්ම පෙන්වනු ඇත. මේ සඳහා Uber app එක විවෘත කළ යුතු නැත.

Dashboard | Wind Down | App Switcher
Image credit - Android

ජංගම දුරකථනයක් භාවිතා කිරීමේදී ඇති වන ගැටළුවක් වන්නේ දුරකථනයට නිතර ලැබෙන notifications වලින් බාධා ඇති වීම සහ අප නොදැනුවත්වම දුරකථනය ඕනෑවට වඩා වැඩි කාලයක් භාවිතා කිරීමෙන් කාලය නාස්ති වීමයි. Android 9 Pie සමග මෙම ගැටළු සඳහා පිලියම් ඉදිරිපත් කර තිබෙනවා.

Android 9 Pie හි app dashboard පහසුකම මගින් ඔබ දිනකට කොපමණ කාලයක් දුරකථනය භාවිතා කරනවාද, notifications කොපමණ ලැබෙනවාද, apps සඳහා ඔබ වැය කරන කාලය කොපමණද, ඔබ මිනිත්තු කීයෙන් කීයට දුරකථනය check කරයිද යන තොරතුරු පැහැදිලිව දැකගත හැකි වෙනවා.

අලුතෙන් හඳුන්වා දුන් app timers පහසුකම මගින් ඔබට apps සඳහා දිනකට වෙන් කළ යුතු කාල සීමාවන් යෙදීමට හැකි වෙනවා. උදාහරණයක් ලෙස ඔබට දිනකට Facebook app එක සඳහා පැයක් ද, Youtube සඳහා මිනිත්තු 30 ක් ද, Whatsapp සඳහා මිනිත්තු 45 ක් ද වශයෙන් කාල සීමා යෙදීමට අවශ්‍ය නම් app timers පහසුකම හරහා එසේ කළ හැකියි. Apps සඳහා වෙන් කළ කාලය භාවිතා කර අවසන් වීමට ලඟා වන විට අදාල app එකෙහි අයිකනය අළු පැහැ වීමෙන් එය සංකේතවත් වේ.

දුරකථන භාවිතා කිරීමේදී ඇති වන තවත් ගැටළුවක් වන්නේ දුරකථන තිරයෙන් නිකුත් වන අධික නිල් ආලෝකය (blue light) නිසා සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ දුරකථනය භාවිතා කිරීමෙන් පසු නිදිමත නොදැනීමයි. එමෙන්ම උදෑසන අවදි වූ පසු මහන්සි දැනීම ද සිදු වනවා. මෙයට පිලියමක් ලෙස Android 7 Nougat සහ Android 8 Oreo මෙහෙයුම් පද්ධති වල Night Light පහසුකම ඇතුලත් කර තිබුණා. මෙයින් සිදු වන්නේ රාත්‍රී කාලය ලඟා වන විට දුරකථන තිරයෙන් නිකුත් වන නිල් ආලෝක තරංග ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කර ස්වභාවික පරිසරයේ ආලෝකය අනුකරණය කිරීමයි. Android 9 Pie සමග මෙම පහසුකම තවත් වැඩිදියුණු කර wind down පහසුකම ඉදිරිපත් කර තිබෙනවා. මෙමගින් ඔබ නිදාගන්නා කාලය ලඟා වන විට දුරකථන තිරය ක්‍රමයෙන් කළු-සුදු (greyscale) බවට පත් කර ඔබව නින්දට සූදානම් කරනවා.

එසේම ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක Android 9 Pie හි Do Not Disturb පහසුකම ක්‍රියාත්මක කිරීමෙන් කරදරකාරී notifications වලින් නිදහස් වීමට පුලුවන්.

Samsung Galaxy S9 දුරකථනය
Image credit - AndroidPIT

Android Pie මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන

  • Essential PH1
  • Xiaomi Mi Mix 2S
  • Oppo R15 Pro
  • Vivo X21
  • Google Pixel 2
  • Google Pixel 2 XL
  • Nokia 7 Plus
  • Nokia 7
  • Nokia 8 Sirocco
  • OnePlus 6T
  • OnePlus 6
  • OnePlus 5T
  • OnePlus 5
  • OnePlus 3T
  • OnePlus 3
  • Samsung Galaxy S9
  • Samsung Galaxy S9+
  • Samsung Galaxy Note 9
  • Samsung Galaxy S8
  • Samsung Galaxy S8+
  • Samsung Galaxy Note 8
  • Sony Xperia XZ3
  • Sony Xperia XZ2
  • Sony Xperia XZ2 Premium
  • Sony Xperia XZ2 Compact
  • Sony Xperia XZ Premium
  • Sony Xperia XZ1
  • Sony Xperia XZ1 Compact
  • Sony Xperia XA2
  • Sony Xperia XA2 Ultra
  • Sony Xperia XA2 Plus

Sony Xperia XZ3 දුරකථනය
Image credit - SONY

  • LG G7 ThinQ
  • LG V30
  • LG V20
  • LG G6
  • Huawei P10
  • Huawei Mate 10
  • Huawei Mate 9
  • Honor 9
  • Honor View 10
  • Moto Z3
  • Moto Z3 Play
  • Moto Z2 Force
  • Moto Z2 Play
  • Moto X4
  • Moto G6 Plus
  • Moto G6
  • Moto G6 Play
  • HTC U12+
  • HTC U11
  • HTC U11+
  • HTC U11 Life
  • Blackberry KEYone
  • Blackberry KEY2
* ඉහත සඳහන් දුරකථන අතුරෙන් බොහෝ දුරකථන වල දැනටමත් Android Pie මෙහෙයුම් පද්ධතිය තිබෙන අතර සමහර දුරකථන සඳහා ඉදිරි කාලයේදී update එකක් මගින් Android Pie මෙහෙයුම් පද්ධතිය ලැබෙනු ඇත.


ඉහත සඳහන් කළ නව පහසුකම් වලට අමතරව Android 9 Pie සමග තවත් බොහෝ ප්‍රයෝජනවත් පහසුකම් රැසක් හඳුන්වා දී ඇත. ඒවා පිලිබඳව විස්තර පහතින්.

අලුත් navigation bar එක

Android 8.1 Oreo දක්වා තිබුණු buttons තුනක් සහිත navigation bar එක වෙනුවට gesture based navigation bar එකක් හඳුන්වා දී තිබේ. මෙමගින් apps අතර මාරු වීම ඉක්මනින් සහ පහසුවෙන් ඉටු කරගත හැකි වනවා. අවශ්‍ය අවස්ථාවන් වලදී landscape සහ portrait modes අතර මාරු වීම සඳහා button එකක් ද මෙහි දැකගත හැකියි.

Battery saver

මෙම පහසුකම මගින් always-on display වැනි විදුලිය වැය වන අනවශ්‍ය features disable කිිරීම සිදු කරයි. මෙමගින් විදුලිය පිරිමැසීම සඳහා සිදු කරන කාර්යයන් මොනවාද යන්න ඔබට තෝරාගත හැකිය.

Background restrictions

මෙම පහසුකම මගින් ඔබගේ දුරකථනයේ විදුලිය වැඩිපුර වැය වන්නේ කුමන apps සඳහා ද යන්න settings app එක තුළින් පෙන්වයි. එවිට ඔබට අවශ්‍ය නම් එම apps භාවිතා නොකරන අවස්ථාවන් වලදී පසුබිමෙහි ක්‍රියාත්මක වීම වලක්වා විදුලිය නාස්ති වීම අවම කරගත හැකිය.

OCR in camera

Camera app එක විවෘත කර එහි පෙනෙන අකුරු සහිත කොටසක් (text) ටච් කළ විට එය ශබ්ද නගා කියවීම සිදු කරයි.

Sound amplifier

ඝෝෂාව වැඩි පරිසරයක සිටින විට දුරකථනයෙන් play වන ශබ්ද වල පැහැදිලි බව වැඩි කරයි.

Multi-camera support

කැමරා කිහිපයක් සහිත දුරකථන වල ඇති සියලුම කැමරා වලින් ලබා දෙන තොරතුරු එක් කොට depth, bokeh, stereo vision වැනි කැමරා පහසුකම් ලබා දීම සිදු කරයි.

External camera support

දුරකථනයේ USB port එකට ඩිජිටල් කැමරාවක් සම්බන්ධ කිරීමට හැකියාව ලබා දෙයි.

Display cutout

Notch එකක් සහිත දුරකථන වල තිරයට ගැලපෙන ලෙස apps සකස් කර පෙන්වයි.

Edge-to-edge screen

18:9 හෝ ඊට වැඩි aspect ratio එකක් සහිත දුරකථන තිර වලට ගැලපෙන ලෙස apps සකස් කර පෙන්වයි.

Multi-user support

පුද්ගලයන් කිහිප දෙනෙක් එකම දුරකථනය භාවිතා කරන විට ඔවුන්ගේ තොරතුරු වෙන වෙනම තබාගැනීම සඳහා user accounts සකස් කිරීමට පහසුකම් සපයයි.

Multiple bluetooth connections

දුරකථනය සමග බ්ලූටූත් උපාංග 5 ක් දක්වා එකවර සම්බන්ධ කර භාවිතා කිරීමට හැකියාව ලබා දෙයි. Calls සඳහා මේවායින් ඕනෑ උපාංගයක් ඕනෑම අවස්ථාවක භාවිතා කළ හැකිය.

Sound delay reporting

සාමාන්‍යයෙන් bluetooth headset එකකින් videos නරඹන විට ශබ්ද ඇසීම මඳක් ප්‍රමාද වෙයි. මෙම පහසුකම මගින් එය සිදු වීම වලක්වයි.

Volume memory per bluetooth device

දුරකථනයට bluetooth headset එකක් සම්බන්ධ කර භාවිතා කළ විට එහි volume level එක මතක තබාගැනීම සිදු කරයි. එම නිසා පසු අවස්ථාවක එම bluetooth headset එක නැවත සම්බන්ධ කළ විට අධික ශබ්දයෙන් ඇසීම සිදු නොවේ.

HDR

HDR (High Dynamic Range) පහසුකම සහිත තිරයක් ඇති දුරකථන වල, HDR තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කළ Youtube වීඩියෝ සහ චිත්‍රපට නැරඹීමට අවස්ථාව ලබා දෙයි.

HD Audio

ඉතා සුපැහැදිලි ශබ්ද ඇසීමට පහසුකම් සපයයි.

HEIF

මෙමගින් දුරකථනයෙන් ලබාගන්නා ඡායාරූප සඳහා වැය වන ඉඩ ප්‍රමාණය (file size) අවම කරයි.

Notification enhancements for messaging

Messages ලැබුණු විට එයට අදාල notification එක තුලින්ම reply කිරීමට අවස්ථාව ලබා දෙයි. Message එකෙහි images තිබේ නම් ඒවා ද notification එක තුළ පෙන්වයි.

Manage notifications

අනවශ්‍ය notifications ලැබීම නතර කිරීමට පහසුකම් සපයයි.

Biometric prompt

Accounts වලට sign in වීම, භාන්ඩ හා සේවා මිලදී ගත් පසු දුරකථනයෙන් බිල්පත් ගෙවීමේදී අනන්‍යතාව තහවුරු කිරීම, Google Play තුළින් apps මිලදී ගැනීම වැනි කටයුතු වලදී Password හෝ pin වෙනුවට fingerprint, face recognition වැනි දියුණු ක්‍රම භාවිතා කිරීම මගින් කාලය ඉතිරි කරයි.

StrongBox

Tamper-resistant hardware සහිත දුරකථන වල ඇති, තොරතුරු ආරක්ෂා කිරීමේ features වලින් ප්‍රයෝජන ගැනීමට හැකියාව ලබා දෙයි. මෙවැනි feature එකකට උදාහරණ ලෙස Samsung KNOX security හඳුන්වා දිය හැකිය.

Samsung KNOX security
Image credit - Samsung

Privacy enhancements

දුරකථනයේ තිරය off වී ඇති විට apps මගින් දුරකථනයේ camera, microphone, GPS සහ වෙනත් sensors භාවිතා කිරීම නතර කරයි.

Screenshots

Screenshots ලබාගත් පසු ඒවා මත සටහන් තැබීම, ඇඳීම සහ delete කිරීම පහසු කරයි.

Redesigned quick settings

notification bar එක පහළට drag කළ විට ලැබෙන quick settings drawer එකට නව පෙනුමක් ලබා දී ඇත.

Volume controls

Call volume, notification volume සහ media volume සකස් කිරීම පහසු කර තිබේ.

Comments

Popular posts from this blog

ජෙනුයින් වින්ඩෝස් නොමිලේ! | Genuine Windows 10 - Free Download

ජංගම දුරකථන බැටරියේ ආයු කාලය වැඩි කර ගනිමු 📱