ජෙනුයින් වින්ඩෝස් නොමිලේ! | Genuine Windows 10 - Free Download

සාමාන්‍යයෙන් පරිගණකයක් මිලදී ගැනීමේදී එයට Windows 10 හි genuine copy එකක්, එහෙමත් නැත්නම් Microsoft සමාගමෙන් ලබා දෙන original Windows 10 මෙහෙයුම් පද්ධතිය install කර තිබූ අවස්ථාවක හැරෙන්නට අප genuine Windows 10 මෘදුකාංගය මිලදී ගැනීමට මැලි කමක් දක්වනවා. ඊට හේතුව Windows 10 හි අධික මිල යි. මෙම ලිපිය ලියන අවස්ථාවේදී Microsoft නිල වෙබ් අඩවියෙහි දක්වා ඇති ආකාරයට Windows 10 හි විකුණුම් මිල වන්නේ:

Windows 10 Home: $139.00 (රු. 23,365)
Windows 10 Pro: $199.99 (රු. 33,617)

මෙසේ genuine Windows 10 මිලෙන් අධික වීම නිසා torrent වැනි ක්‍රම මගින් නීති විරෝධීව Windows 10 මෘදුකාංගය ලබා ගැනීමට අප පුරුදු වී සිටිමු. නමුත් මෙසේ නීති විරෝධී ක්‍රම මගින් ලබා ගන්නා Windows 10 මෘදුකාංගය සමග virus, malware, spyware වැනි පරිගණකයට හානිකර මෘදුකාංග ද ඇතුලත් කර එවීම බොහෝ විට සිදු වේ. එම නිසා මෙසේ torrent වැනි ක්‍රම මගින් නීති විරෝධීව ලබාගත් Windows 10 මෘදුකාංගය භාවිතා කිරීම අනතුරුදායක කටයුත්තකි.

Microsoft සමාගමේ නිල වෙබ් අඩවියෙන් නීත්‍යානුකූලව Windows 10 හි genuine මෘදුකාංගය ලබාගැනීමට පහසුකම් සලසා දී තිබේ.

නමුත්, දැන් මෙසේ අනාරක්ෂිත ආකාරයට නීති විරෝධීව Windows 10 මෘදුකාංගය ලබා ගැනීමට අවශ්‍ය නැත. Microsoft සමාගමේ නිල වෙබ් අඩවියෙන් නීත්‍යානුකූලව Windows 10 හි genuine මෘදුකාංගය ලබාගැනීමට පහසුකම් සලසා දී තිබේ. එසේ නීත්‍යානුකූලව Windows 10 මෘදුකාංගය ලබාගන්නා ආකාරය පහතින්.

Windows 10 Media Creation Tool එක ඩවුන්ලෝඩ් කිරීමට මෙතන ක්ලික් කරන්න.

Windows 10 Media Creation Tool - Download button

ඉන් පසු download කරගත් media creation tool එක ඩබල් ක්ලික් කර විවෘත කරගන්න. දැන් පහතින් දැක්වෙන slideshow එකෙහි දක්වා ඇති උපදෙස් අනුව Windows 10 මෙහෙයුම් පද්ධතිය download කරගැනීමට හැකිය. එය .iso ෆයිල් එකක් ආකාරයට ඔබගේ පරිගණකයට download වනු ඇති. මේ සඳහා 4 GB පමණ දත්ත ප්‍රමාණයක් වැය වේ.



දැන් මෙම .iso ෆයිල් එක DVD එකකට හෝ පෙන් ඩ්‍රයිව් එකකට burn කරගැනීමෙන් පසුව පරිගණකයට install කිරීමට හැකි ය.

DVD එකකට burn කිරීම

DVD drive එක තුළට empty DVD එකක් දමා ඉන්පසු download කරගත් Windows 10 iso ෆයිල් එක මත රයිට් ක්ලික් කරන්න. ඉන් පසු Burn disc image ක්ලික් කරන්න.

Burn Windows 10 iso image to a disc

පෙන් ඩ්‍රයිව් එකකට burn කිරීම

මේ සඳහා Rufus නම් කුඩා මෘදුකාංගය download කරගත යුතුය. Rufus download කිරීමට මෙතන ක්ලික් කරන්න.

Download Rufus software

Rufus මෘදුකාංගය විවෘත කර, එහි කුඩා CD එකක් මෙන් දැක්වෙන අයිකනය ක්ලික් කරන්න. ඉන් පසු කලින් download කරගත් Windows 10 iso ෆයිල් එක සිලෙක්ට් කරගන්න. ඉන් පසු පරිගණකයට 4 GB හෝ ඊට වැඩි ධාරිතාවයෙන් යුත් පෙන් ඩ්‍රයිව් එකක් සම්බන්ධ කර Rufus මෘදුකාංගයෙන් එම පෙන් ඩ්‍රයිව් එක තෝරාගන්න. දැන් Start ක්ලික් කරන්න.

සැ.යු: Rufus මෘදුකාංගය මගින් ඔබගේ පෙන් ඩ්‍රයිව් එක ෆෝමැට් වන බැවින් එහි ඇති සියලුම තොරතුරු delete වනු ඇත.

Rufus software

දැන් මෙසේ සකස් කරගත් පෙන් ඩ්‍රයිව් එක හෝ DVD එක මගින් පරිගණකය boot කිරීමෙන් පසුව Windows 10 install කරගත හැකි ය. මෙහිදී ඔබට අවශ්‍ය පරිදි Windows 10 Home හෝ Windows 10 Pro තෝරාගැනීමට හැකියාව තිබේ.

සැ.යු: මෙසේ අප download කරගත් Windows 10 මෘදුකාංගය පරිගණකයට install කිරීමේදී serial number එකක් ඇතුළත් නොකර install කර භාවිතා කිරීමට හැකිය. නමුත් එසේ කළ විට Windows 10 හි Themes වෙනස් කිරීම වැනි සුළු කාර්යයන් සමහරක් disable වී තිබෙනු ඇත. නමුත් ඔබට ගැටළුවකින් තොරව අවශ්‍ය තරම් කාලයක් මෙසේ Windows 10 මෘදුකාංගය භාවිතා කිරීමට හැකියාව තිබේ.

එම disable වී තිබෙන පහසුකම් සියල්ලම ඔබට අවශ්‍ය නම් ඔබගේ Windows 10 මෘදුකාංගය activate කිරීම සිදු කළ යුතුය. සාමාන්‍යයෙන් Windows 10 activate කිරීම සඳහා Microsoft ආයතනයට මුදල් ගෙවා serial number එකක් ලබාගත යුතුය. නමුත් පෙර සඳහන් කළ පරිදි මෙය ඉතා මිල අධිකය.

Comments

Popular posts from this blog

ජංගම දුරකථන බැටරියේ ආයු කාලය වැඩි කර ගනිමු 📱

Android 9 Pie 🥧 ගැන හැමදේම!