Posts

Showing posts from October, 2018

වින්ඩෝස් 10 history ක්ලියර් කරමු

Image
Windows 10 පරිගණකයකින් වැඩ කිරීමේදී අප භාවිතා කළ files, folders, web pages, search history වැනි සියලුම history විවිධ ස්ථාන වල save වීම සිදු වෙයි. Task bar එකෙහි හෝ start menu එකෙහි අයිකනයක් රයිට් ක්ලික් කළ විට ලැබෙන jump lists තුළ, task view තුළ, file explorer විවෘත කළ විට ලැබෙන recent files, frequent folders සහ Microsoft account, Cortana, Edge තුළ මෙම තොරතුරු save වී තිබෙයි.


මෙසේ පරිගණකය භාවිතයෙන් විවෘත කරන ලද files, folders සහ web pages history එක Windows task view, file explorer, jump lists වැනි ස්ථාන වලින් එකින් එක රයිට් ක්ලික් කර delete කිරීම සිදු කළ හැකිය. නමුත් එම සියලුම history එකවර ඉවත් කිරීම right click menu තුළින් සිදු කළ නොහැකිය.
එම සියලුම history එකවර delete කරන ආකාරය පහත දැක්වෙයි.
File explorer File explorer විවෘත කර address bar එක මත රයිට් ක්ලික් කර "Delete history" ක්ලික් කරන්න.

View ටැබ් එක මත ක්ලික් කර "Options" ක්ලික් කරන්න.

ඉන්පසු ලැබෙන වින්ඩෝවේ "Clear" බට්න් එක ක්ලික් කරන්න.

Jump lists Start menu එකෙහි Settings ක්ලික් කරන්න

Personali…

Youtube videos පහසුවෙන් ඩවුන්ලෝඩ් කරමු

Image
පරිගණකයට අමතර software ඉන්ස්ටෝල් කිරීමෙන් තොරව පහසුවෙන්ම youtube videos ඩවුන්ලෝඩ් කිරීමට savefrom සේවාව හරහා හැකියාව ලැබෙනවා. Youtube වලට අමතරව vimeo, facebook, twitter, vk, soundcloud, yandex, instagram වැනි බොහෝ වෙබ් අඩවි ප්‍රමාණයකින් video / audio ඩවුන්ලෝඩ් කිරීමට savefrom සේවාව හරහා හැකියාව ලැබෙනවා.

Youtube වැනි වෙබ් අඩවි වල තිබෙන videos, 720p, 1080p වැනි විවිධ quality වලින් ඩවුන්ලෝඩ් කිරීමටත්, අවශ්‍ය නම් ඒවා mp3, aac, opus ලෙස audio ලෙස ඩවුන්ලෝඩ් කරගැනීමටත් මේ හරහා හැකියාව ලැබේ.
ඩවුන්ලෝඩ් කරන ආකාරය පහතින්.
ක්‍රමය 1: Youtube වෙත පිවිස ඔබට ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය වීඩියෝව play කරන්න. ඉන් පසු වෙබ් බ්‍රවුසරයේ URL bar එකෙහි https://www.youtube.com/watch?v=xxxxxxxxxxxx ලෙස දක්නට ලැබෙන URL එකේ "www." ට පසුව s අකුරු දෙකක් ටයිප් කර enter කරන්න.
s අකුරු දෙක නිවැරදිව ටයිප් කර ඇති ආකාරය පහත දැක්වේ.

දැන් ඔබට අවශ්‍ය quality එක තෝරා Download මත ක්ලික් කළ පසු වීඩියෝව පරිගණකයට ඩවුන්ලෝඩ් වනු ඇති.

* සමහර පරිගණක වල වීඩියෝව ඩවුන්ලෝඩ් වීම වෙනුවට play වීම සිදු විය හැකිය. එසේ වෙයි නම් Download …

ඔෆීස් 2019 | Microsoft Office 2019

Image
Microsoft Office මෘදුකාංග පැකේජයේ අලුත්ම සංස්කරණය වන Microsoft Office 2019 පසුගිය සැප්තැම්බර් 24 වැනිදා හඳුන්වා දෙනු ලැබුවා. Apple Mac OS Sierra සහ Microsoft Windows 10 මෙහෙයුම් පද්ධති සඳහා Office 2019 මෘදුකාංග පැකේජය මිලදී ගත හැකියි. මෙහි මිල $119.99 (රු.20,610) වනවා.
Microsoft Office පැකේජය මිල දී ගත් විට Microsoft Word 2019, Microsoft Excel 2019 සහ Microsoft PowerPoint 2019 මෘදුකාංග 3 ලැබෙයි. Microsoft Office හි online office පැකේජය වන Office 365 මෙන් මෙයට මාසික ගාස්තුවක් ගෙවිය යුතු නැත. නමුත් මෙහිදී Office 365 සමග ලැබෙන cloud computing පහසුකම් වන OneDrive, Skype, Outlook සහ Publisher, Access යන මෘදුකාංග නොලැබෙයි.

Office 365 සමග ලබා දී තිබූ පහසුකම් බොහොමයක් නව Office 2019 පැකේජයට එක් කර තිබෙනවා. Office 2019 සමග touch screen / stylus එකක් භාවිතා කිරීම පහසු කිරීමට වැඩිදියුණු කළ inking features හඳුන්වා දී තිබෙනවා.

PowerPoint 2019 සමග නවීන animation ක්‍රම වන morph සහ zoom effects හඳුන්වා දී තිබෙනවා. Presentation එකක් ඉදිරිපත් කිරීමේදී සාකච්ඡා කෙරෙන්නේ කුමන උප මාතෘකාව ගැනද, ඉදිරියට තිබ…

🔋⚡ Wireless charging සහ fast charging

Image
ලොව පළමු iPhone එක සහ පළමු Android phone එක හඳුන්වා දී දැනට වසර 10 කට මඳක් වැඩි කාලයක් ගත වී තිබේ. එම ගත වූ වසර 10 තුළ දුරකථන සීඝ්‍ර ලෙස දියුණු වී ඇත. 2007 වසරේ හඳුන්වා දුන් පළමු iPhone එක සහ 2018 වසරේ හඳුන්වා දුන් iPhone Xs හෝ iPhone Xs Max සසඳා බැලූ විට වසර 10 ක් තුළ දුරකථනය විශ්වාස කිරීමට පවා අපහසු තරමින් දියුණු වී ඇත. Android දුරකථන වල තත්වය ද එසේමය.

දුරකථන වල වේගය (processing power), මතක ධාරිතාවය (RAM and storage capacity), ආරක්ෂාව (security), දුරකථන තිරය (display), ජලයට සහ දුහුවිලි වලට ප්‍රතිරෝධී බව (dust and water resistance), දුරකථන වල නිෂ්පාදන ගුණාත්මක බව (build quality), දුරකථන කැමරාව (camera), සහ මෘදුකාංග (software) යන සෑම අංශයක්ම පසුගිය දස වසර තුළ විශාල දියුණුවක් ලබා ඇත. නමුත් මීට සාපේක්ෂව දුරකථන බැටරියේ සැලකිය යුතු තරම් දියුණුවක් සිදු වී නොමැත. පළමු iPhone එකේ සහ පළමු Android දුරකථනයේ තිබූ බැටරි තාක්ෂණය අදටත් එසේම භාවිතා වේ.

සාමාන්‍යයෙන් smartphone එකක් සම්පූර්ණයෙන් චාජ් වීම සඳහා පැය එකහමාරකට වැඩි කාලයක් ගත වේ. (බැටරියේ ධාරිතාවය (capacity) අනුව ගත වන කාලය වෙනස් විය හැකි…